ක්‍රීඩා

ඇලෙස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

UTV | COLOMBO – එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇති සුපිරි පිතිකරු අලෙස්ටේයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

දැන් පැවැත්වෙන ඉන්දියාව සමග ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟයෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන් බවයි ඔහු පවසන්නේ.

කුක් සැලකෙන්නේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුව ලෙසයි.

ඔහු ටෙස්ට් තරඟ 160කදී ලකුණු 12254 රැස්කරගෙන තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ නායකත්වයද දරා ඇති කුක්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය වන්නේ 44.88.

එමෙන්ම ඔහු ක්‍රීඩා කල ටෙස්ට් තරඟ 160න 158කම අඛණ්ඩව කිසිදු අබාධයකට ලක්නොවී ක්‍රීඩා කර ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

Related posts

දෙවන තරගයේ ජයත් එංගලන්තයට

Mohamed Dilsad

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාව [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු කවුද?

Mohamed Dilsad

Leave a Comment