ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

දේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක්

(UTV| කොළඹ) – දේශීය අල ගොවියාට සිය අස්වැන්න සඳහා සධාරණ මිලක් ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිෂ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මේ දිනවල දේශීය අර්තාපල් අස්වනු සීඝ්‍රයෙන් වෙළඳ පොලට ලැබීමත් සමඟ කූඨ වෙළඳුන් විසින් දේශීය අල ගොවියාගෙන් එම අස්වනු අඩුමිලට ලබාගැනීමේ ඇති හැකියාව වලක්වමින් දේශීය අල ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේය.

ලංකා සතොස ජනතාවගේ ආයතනයක් බැවින් සතොස ආයතනයේ ඉහල පෙලේ නිළධාරීන් සමඟ මේ පිළිබඳව කල සාකච්ඡාවකින් පසුව මෙලෙස දේශීය අල ගොවියාගෙන් නිෂ්පාදන මිලදීගැනීමට තීරණය කල බවත් වෙළඳපොලේ අල ගොවියා වෙනුවෙන් ගෙවිය හැකි උපරිම මිලක් මේ යටතේ ගෙවීමට සතොස සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්පැන් බදු යළි ඉහළට

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1763 ක් දක්වා ඉහලට

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment