ප්‍රමුඛ පුවත 1

මැද්දේගම ති‍්‍රරෝද අනතුරින් අම්මායි දුවයි එතැනම මියයති

UTV | COLOMBO – කිරිඳිවැල පොලිස් වසමේ මැද්දේගම මහා මාර්ගයේ පෙරේදා (01 දා* පස්වරු 4ට පමණ සිදුවූ ති‍්‍රරෝදරථ අනතුරකින් ති‍්‍රරෝදය පැදවූ රියැදුරුගේ බිරිඳ හා දියණිය එම ස්ථානයේම මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මැද්දේගම , නාවැටිය, එගොඩවත්තේ පදිංචිව සිටි ශ‍්‍රීයානි රාජපක්ෂ (37* සහ ඇයගේ දියණිය වන 2 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පද්මිණී මධුෂා (07* දැරියයි. ඔවුන් එම ස්ථානයේම මිය ගොස් ඇත. එදින පෙරවරුවේ ඔවුන්ගේ මීගොඩ ප‍්‍රදේශයේ පදිංචි රෝගීවී සිටි ඥාතියකු බැලීමට ගොස් එන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇත. මෙම අවස්ථාවේ දැරිය මව තුරුළේ නිදාගෙන සිට ඇත. එහිදී ති‍්‍රරෝද රථයේ එක් රෝදයක් කාණුවකට වැටීමෙන් අනතුරුව ඉදිරියේ වු දුරකථන කණුවක ගැටී පසුව අසල වූ තාප්පයක

ගැටී තිබේ. ඒ අවස්ථාවේ මව හා දරුවා ත‍්‍රිරෝදයෙන් විසිවී තාප්පයේ ගැටී ඇත. මෙම අවස්ථාවේ මෙම දෙදෙනාම මිය ගොස් ඇති අතර රියදුරු වන ජානක පුෂ්ප කුමාර කිරිඳිවැල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් පරිදි කිරිඳිවැල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලයනල් සේනානායක මහතා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීහු පරීක්ෂණ කරගෙන යති.

මෘත ශරීර දෙක වතුපිටිවල රජයේ රෝහලට ගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේදී සිදු කිරීමට නියමිතය.

Related posts

වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් 03 ක් ජිවිතක්ෂයට..

Mohamed Dilsad

හෙට පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක

Mohamed Dilsad

හඬ පරීක්‍ෂණකට එන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment