ප්‍රමුඛ පුවත 1

චීනයෙන් මැණික් ගෙන ආ තිදෙනෙකු කොටු වෙයි

(UTV| කොළඹ) – චීනයේ සිට මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනේ.

ඔවුන් ඊයේ(29) සවස 6.30 ට පමණ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙම චීන ජාතිකයන් තිදෙනාගෙන්, දෙදෙනෙකු කාන්තාවන් වන අතර , අනෙක් ගුවන් මගියා 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

චීනයේ කුංමිං සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 713 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සහ කිරීමේදී මෙම චීන ජාතිකයන් පිළිබඳව සැක සිතා ඔවුන් පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී ඔවුන්ගේ ගමන් මලුවල සගවා ගෙන තිබූ මෙම මැණික් තොගය සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත. එහි ආරනූල් , රබහ , නිල් මැණික් , පද්මරාග සහ ඇපටයිට් වර්ගයේ මැණික් ද තිබූ බව රේගුව පවසයි.

කිලෝ ග්‍රෑම් 06 යි , ග්‍රෑම් 448 ක් බර මැණික් තොගයක් තිබූ අතර , ඒවායින් කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 600 ක් ම රතු මැණික් බව රේගුව සඳහන් කළේය.ඒවායේ වටිනාකම රුපියල් 46,81,445 ක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

Mohamed Dilsad

Voice of Media  ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

Leave a Comment