ප්‍රමුඛ පුවත 1

මාළිගාවත්තේ වෙඩි තැබීම පාතාලයේ ගැටුමක්දැයි සැක

UTV | COLOMBO – මාළිගාවත්ත – ජුම්මා හන්දිය – ලොන්ඩරිය අසළ මාර්ගයේදී ඊයේ (26) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 31 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

පොලීසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මියගොස් ඇත්තේ පාතාල නායක මධුෂ්ගේ ගෝලයෙකු සමඟ විවාහ වී සිටි කාන්තාවක් බවයි.

ඒ අනුව පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී සාධක ලැබී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන 2,700ක් පාසල් පද්ධතියට මුදාහැරේ

Mohamed Dilsad

කන්තලේ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

ආණ්ඩුව භාර දීමට සුදානම් – එජාපෙ

Mohamed Dilsad

Leave a Comment