ප්‍රමුඛ පුවත 1

කන්තලේ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය අත්හිටුවයි

(UTV| කොළඹ) – කන්තලේ ජල නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (11) පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව හෙට (11) දහවල් 12.00 සිට 12 වැනි බදාදා පෙරවරු 9.00 තෙක්  තඹලගමුව, ත්‍රිකුණාමල නගරය සහ ඒ අතරතුර ඇති සියලුම මාර්ග, කින්නියා බල ප්‍රදේශය සහ කුච්චවේලි බල ප්‍රදේශයෙන් කොටසකට මෙම කාලය තුළ ජල සැපයුම් අත්හිටුවනු ලැබේ.

මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද  ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම අද

Mohamed Dilsad

ඊයේ රාත්‍රියේ ඉහළ ගිය ඉන්ධන මිල

Mohamed Dilsad

පාඨලී යළිත් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment