ප්‍රමුඛ පුවත 1

පාඨලී යළිත් අද අධිකරණයට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (18) රාත්‍රියේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත.

ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින් රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේය.

පාඨලී චම්පික රණවක නීතිපතිවරයාගේ උපදෙස් මත බත්තරමුල්ලේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රි 10.00ට පමණ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඇය නියෝග කළේ අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අද (19) දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ යයි.

Mohamed Dilsad

නේවී සම්පත් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment