ප්‍රමුඛ පුවත 1

ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය ලබාදුන් පළමු තීන්දුව මෙන්න

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු හතර දෙනෙකුට අද (24) මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත් කළ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අධිචෝදනා භාර දෙයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය ඇප මත මුදාහැරීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද(24) නියෝග කළේය.

ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.

ඒ අනුව එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහයේ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද අධිකරණ පොලිස් නිළධාරීන්ට නියෝග කළේය.

මෙම නඩුව සැප්තැම්බර් මස 19 වැනිදා යළි කැඳවීමට මහාධිකරණය අද නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ධීවර අංශයේ අපනයන්ගෙන් හොඳ නිෂ්පාදනයන් ලබාදීමේදී ශ්‍රී ලංකාව පළමු තැනට….

Mohamed Dilsad

සේනා උවදුරින් හානිවූ ගොවීන්ට වන්දි ලබාදීම මාර්තු වනදා සිට…

Mohamed Dilsad

ෆේස්බුක් බලධාරීන් අද දිවයිනට – අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment