ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට විශ්වාසභංගයක්

(UTV| කොළඹ) – බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සුදානම් වෙයි.

ඒ එම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිනි.

ඊට සහයෝගය ලබා ගැනීම සඳහා පළාත් සභාවේ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ මේ දිනවල සාකච්ඡා කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පවසයි.

බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් හයලක්ෂ 40,000 ක් වටිනා පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීමට ටෙන්ඩර් කැඳවීමේ සිද්ධියක් පිළිබඳව පසුගියදා වාර්තා කෙරුණි.

පසුව එය තාවකාලිකව අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නියෝග කළේය.

මෙම තත්ත්වය තුළ බස්නාහිර පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 38දෙනා ඉදිරියේදී විපක්ෂයේ අසුන් ගැනීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද  වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්තී‍්‍ර නාමල්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි නියෝග

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – වේගය සීමා කරන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඇමති රිෂාඩ්ගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment