ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වැඩ භාර ගනී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ඊයේ (අගෝස්තු 19) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (ඒඑස්ඩබ්) සමන් පෙරේරා  මහතා විසින් ත්‍රිකුණාමලය, ත්‍රිෆැතම් ජැටිය පරිශ්‍රයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින්, කොමදෝරු මුහුදු පුහුණු නිලධාරි, කොමදෝරු ප්‍රදිප් රත්නායක මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආහාර අලෙවි කළ තලවිල වෙළඳුන් 52කට නඩු

Mohamed Dilsad

මඩකලපුවේ ව්‍යාජ කච්චේරියක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියට වසර හතරයි

Mohamed Dilsad

Leave a Comment