ක්‍රීඩා

20-20 ලීග් ක්‍රිකට් තරඟාවලිය ගැන මහේල තැබූ ට්විටර් පණිවිඩය

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 20 – 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව පිළිබඳව අදහස් පළකිරීමක් සිදුකර ඇත.

මෙවර තරගාවලිය කණ්ඩායම් 04 ක් යටතේ පැවැත්වෙන අතර, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 21 බැගින් ක්‍රීඩකයන් 84 ක් තරගාවලියට නම් කර ඇත.

තරගයකට ක්‍රීඩකයන් 11 දෙනා බැගින් ක්‍රීඩකයන් 44 කට අවස්ථා ලැබෙන අතර, තවත් ක්‍රීඩකයන් 40කට බංකුවට වී බලා සිටීමට සිදුවෙයි.

මේ සම්බන්ධයෙන් මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ මේ සඳහා තවත් කණ්ඩායම් 02ක් යොදාගත හැකි නම් එය වඩාත් යෝග්‍ය වන බවත් ඒ අනුව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම අවස්ථාව ලබාදිය හැකි බවත්ය.

“ වැඩි අවස්ථා ගණනක් ලැබෙන ලෙස පළාත් කණ්ඩායම් පහක් හෝ හයක් ක්‍රීඩා කළ යුතුයි කියා සිතන එකම කෙනා මමද? මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් 44 කට අවස්ථාව ලැබෙන විට තවත් ක්‍රීඩකයන් 40ක් බංකුවේ. තව කණ්ඩායම් දෙකක්?

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට තරයේ අවවාද කර නඩුව කල් දමයි

Mohamed Dilsad

Leave a Comment