ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින්ට ඉතිහාසයේ ප්‍රථමවරට ප්‍රසාද දීමනාවක්

(UTV| කොළඹ) – ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමු වරට සියලුම සේවකයන් සඳහා රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට තීරණය කරයි.

මේ දක්වා එම සේවකයන් වෙනුවෙන් රුපියල් 5,000 ක ප්‍රසාද දීමනාවක් ලබාදුන් නමුත් රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද ඉතිහාසයේ පළමු වරට එම මණ්ඩලය මේ රටේ ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

පසුගිය 2017 වසරේ දී ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,618ක ලාභයක් ලබා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා මේ වනවිට එහි සේවකයන් 30,492ක් පමණ සිටින බවද මේ සියලු සේවකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් හැකි පමණින් ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර ඇරඹේ

Mohamed Dilsad

පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න CID සුදානම්

Mohamed Dilsad

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment