ප්‍රමුඛ පුවත 1

පූජිතගෙන් ප්‍රකාශයක් ගන්න CID සුදානම්

(UTV| කොළඹ) – නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙයි.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් එම අවසරය ලබාදී ඇත්තේ නාරාහේන්පිට රෝහලට ගොස් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි.

පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකුට 2017 වසරේදී සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව එම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න” – ජනපති

Mohamed Dilsad

පසුගිය මාස 6 තුල සිදුකල වැටලීම් වලදී දුම්රියට ලක්ෂ 53ක්

Mohamed Dilsad

පැරිෂුට් පුහුණුවක සිටි සෙබලෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment