ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර ඇරඹේ

(UTV| කොළඹ) – 2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද ආරම්භ වේ.

එම කටයුතු අද සිට ලබන 24 වන දා දක්වා සිදු කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24 ක් තෝරාගෙන ඇති අතර එම පාසල් අතරින් පාසල් 04 ක් ඇගයීම් කාලයේ සම්පූර්ණයෙන්ම වසා තැබේ.

එලෙස සම්පූර්ණයෙන්ම වසනු ලබන පාසල් වන්නේ, කොළඹ ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමී මහා විද්‍යාලය, ගාල්ල සුදර්මා විද්‍යාලය සහ මාතර කොටුවේගොඩ සර්වේශස් යන විද්‍යාලයි.

සෙසු පාසල් 20 හි කොටසක් පමණක් වස ඇගයීම් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

කොළඹ 07 ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 08 සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, ගම්පහ යසෝදර දේවි මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, කුරුණෑගල වයඹ රාජකිය විද්‍යාලය, කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලය, කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණජයන්ති මහා විද්‍යාලය, රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලය, මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර උසස් බාලිකා විද්‍යාලය, මහනුවර මහනාම විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා විද්‍යාලය, බදුල්ල ධර්මදූත විද්‍යාලය, අනුරාධපුර ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය, මඩකලපුව ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය, යාපනය හින්දු බාලිකා විද්‍යාලය, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය සහ වව්නියාව ශෛව ප්‍රකාශ් මහා විද්‍යාල යන විද්‍යාලවල කොටසක් පමණක් එලෙස වසා තැබෙනු ඇති.

උත්තර පත්‍ර ඇගයීම් කිරීමට යෝජිත සම්පූර්ණයෙන් වසා තබන ලද පාසල් ලබන 25 වන දා ආරම්භ වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනතුරකින් මව සහ දරුවා මියයයි

Mohamed Dilsad

කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහළට

Mohamed Dilsad

දෙයියන්දර පෞද්ගලික බැංකුවක් කොල්ලකයි

Mohamed Dilsad

Leave a Comment