ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් තවදුරටත් රිමාන්ඩ් භාරයේ

(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු  අද(20) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කර ඇත.

රජයේ වාහන අවභාවිත  කිරීමේ චෝදනා මත පොලිස් මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ අතර එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදාහැර තිබේ.

Related posts

නව බස් ගාස්තු ප්‍රතිපත්තිය වහා ක්‍රියාත්මක කරන්නැයි බස් මගීන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

යකඩ බෝල තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපළේ Duty Free මත්පැන් ජාවාරම…

Mohamed Dilsad

Leave a Comment