ක්‍රීඩා

දකුණු අප්‍රිකා නායකයාට තරගාවලිය අහිමී වෙයි

(UTV| කොළඹ) – අතෙහි ඇතිවු ආබාධ තත්වය හේතුවෙන් හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 02 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වනු ඇති බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව සමග නිමා වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් එලෙස ආබාධයට ලක්විය.

ප්ලෙසිස්ගේ ආබාධ තත්ත්වය සුව වීමට තවත් සති 6 ක පමණ කාලයක් ගතවන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

කෙසේ වෙතත් හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයට නායක ෆෆ් ඩූ ප්ලෙසිස් වෙනුවට තවමත් ක්‍රීඩකයෙකු නම් කර නොමැත.

බොහෝ විට දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ඩන් ඩී කොක් හෙට (08) තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය ලබා දීමට ඉඩ ඇති බව පැවසේ.

දෙරට අතර සිව්වන එක්දින තරගය හෙට (08) දිවා රාත්‍රී තරගයක් ලෙස මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රොඒශියාව එංගලන්තය පරදා අවසන් මහා තරගයට

Mohamed Dilsad

අකිලගෙන් සුපිරි කඩුලු දඩයමක්

Mohamed Dilsad

කොදෙව්වන්ට කඩුලු 4 කින් ජය – අකිලගෙන් සුපිරි පන්දු යැවීමක්

Mohamed Dilsad

Leave a Comment