ප්‍රමුඛ පුවත 1

අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 10 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කළ ඉල්ලීමකට අනුව මෙම සිද්ධියේ 4 වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ හඩ පටිගත කරන යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ අවසර ලබාදී තිබේ.

එමෙන්ම, මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් රංගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 10 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තද සුළඟින් වවුනියාවේ නිවාස කිහිපයකට හානි

Mohamed Dilsad

සමන් දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

Mohamed Dilsad

Leave a Comment