ප්‍රමුඛ පුවත 1

වැල්ලවත්තේදී මත්කුඩු ජාවාරම්කරුවන්ට වෙඩි

(UTV| කොළඹ) – වැල්ලවත්ත චාලිමන්ට් පාරේ දී පොලිස් අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ ඔහුගේ ගෝලයකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

වැල්ලවත්ත පොලිසිය පැවසුවේ පලා යමින් සිටි මොවුන්ගේ රථයේ ගැටුණු පොලිස් කොස්තාපල් කෙනෙක් ද තුවාල ලබා ඇති බවයි.

ඊයේ (31) රාත්‍රී 11.30ට පමණ චාලිමන්ට් පාරේ හෝටලයක් අසල මෝටර් රථයකින් පැමිණි පිරිසක් මත්කුඩු ජාවාරමක නිරත වන බවට වැල්ලවත්ත පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ත්‍රී රෝද රථයකින් පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිටියදී එහි සිටි ජාවාරම්කරු සහ සෙසු පුද්ගලයා පොලිස් නිලධාරියකු හප්පා පලා යාමට උත්සහ කිරිමේ දී පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මේ සතිය අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය සම්පුර්ණ කරනවා – ඇමති අමරවීර

Mohamed Dilsad

කොවිඩ් 19 මෙහෙයුමට නවීන බස් රථ දෙකක්

Mohamed Dilsad

Leave a Comment