ප්‍රමුඛ පුවත 1

“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් හෙට ජනතා අයිතියට

(UTV| පොළොන්නරුව) – “පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අගෝස්තු මස 01 දා දිනය පුරා විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

බකමූණ රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, මැදිගිරිය බස්නැවතුම්පොල විවෘත කිරීම, දිවුලම්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරිම, මැදිරිගිරිය වාරි කළමණාකරණ ඒකකය විවෘත කිරීම, මැදිරිගිරිය ජාතික පාසලේ ඉදිකිරීම් විවෘත කිරීම, හතරැස් කොටුව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ නගර සංවර්ධන කටයුතු විවෘත කිරිම ඇතුලු තවත් සංවර්ධන කටයුතු විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
මෙම ව්‍යාපෘති වල වටිනාකම රුපියල් කෝටි 10 කට අධික වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍ය ආයතනයක විකාශය කළ පුවතකට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් නෙරපයි.

Mohamed Dilsad

SPC සේවකයින්ට මාස 03ක බෝනස් දීමනා …

Mohamed Dilsad

Leave a Comment