ප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට දුම්රිය සේවක වර්ජනයක්

(UTV| කොළඹ) – දුම්රිය සේවයට සම්බන්ධ ප‍්‍රධාන වෘත්තීය සමිති රැසක් අද (30) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් වේ.

දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට එක් වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

මේ දක්වා සිය තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසුවේ.

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට සූදානම් වන්නේ පැය 48ක කාලයක් සඳහායි.

මේ හේතුවෙන් සියලූ දුම්රියන් ධාවනය නොවනු ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්.

Mohamed Dilsad

කලින් වෙන් කළ දුම්රිය ප්‍රවේශ පත්වලට යළි මුදල්

Mohamed Dilsad

කටුකුරුන්ද මුහුදේ සිදුවූ බෝට්ටු අනතුරින් දිවි බේරා ගත් 32 දෙනෙකු රෝහලේ(UPDATE)

Mohamed Dilsad

Leave a Comment