ප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට දුම්රිය සේවක වර්ජනයක්

(UTV| කොළඹ) – දුම්රිය සේවයට සම්බන්ධ ප‍්‍රධාන වෘත්තීය සමිති රැසක් අද (30) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් වේ.

දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට එක් වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

මේ දක්වා සිය තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසුවේ.

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට සූදානම් වන්නේ පැය 48ක කාලයක් සඳහායි.

මේ හේතුවෙන් සියලූ දුම්රියන් ධාවනය නොවනු ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (05) සාකච්ඡාවක්

Mohamed Dilsad

විජයදාස රාජපක්ෂට වන්දි මුදල ගෙවන ලෙස ලේක්හවුස් ආයතනයට නියෝග.

Mohamed Dilsad

Leave a Comment