ප්‍රමුඛ පුවත 1

අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්.

(UTV| කොළඹ) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ සිට අනෙකුත් ප්‍රදේශ වලට විශේෂ බස් රථ ධාවන වැඩපිළිවෙලක් අද (08) සිට ලබන (22) දක්වා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම ධාවන සැළැස්ම අධියර 2 කින් සමන්විත බව එහි ධාවන කටයුතු භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

සාමාන්‍ය ධාවනය යටතේ බස් රථ 1350 ක් සහ අතිරේක බස් රථ 1500 ක් ධාවනයට යෙදවීමට සැලසුම් කර ඇති අතර අධිවේගී මාර්ගවල බස් රථ ගමන් වාර වැඩි කර ඇති බව ලංගම ධාවන කටයුතු භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර අවුරුදු සමය වෙනුවෙන් අනිද්දා (10) සිට ලබන (17) වනදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කලේ මෙය කොළඹ සිට යාපනය , මහනුවර ,බදුල්ල , බෙලිඅත්ත ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය සේවා යොදවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතාවගේ අවධානයට නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රීලනිප මින්නේරිය ආසන සංවිධායක ඉවත් වෙයි

Mohamed Dilsad

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

Leave a Comment