ප්‍රමුඛ පුවත 1

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන 24 වනදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි

ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම කොළඹ පිහිටි හෝටලයක රථ ගාලකදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයකදී මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සාකච්ජා

Mohamed Dilsad

කඩුවෙල රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කරයි

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල නත්තලෙන් පසු

Mohamed Dilsad

Leave a Comment