ප්‍රමුඛ පුවත 1

විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්

(UTV|යාපනය) –  හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට විරෝධය පළ කරමින් යාපනය කෝපායි ප්‍රදේශයේ කිසියම් පිරිසක් පෝස්ටර් අලවා තිබූ බව වාර්තා වේ.

අප වාර්තාකරු පැවසුවේ හිටපු අමාත්‍යවරිය මුදලට ඇමති පදවිය අතහැර දමා ඇති බවත්, ඒ නිසා ඇයට මන්ත්‍රී වරප්‍රසාද ද අහිමි කළ යුතු බවත් එම පෝස්ටර් වල සඳහන් වන බවයි.

මේ අතර හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් LTTE ය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය වැනි මානසිකත්වයක් උතුරේ ජනතාව තුළ නිර්මාණය වීම වැළැක්වීමට රජය වග බලාගත යුතු බව උතුර පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ජී. ගුණසීලන් පවසයි.

මන්නාරම ප්‍රදේශයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්තවාදය තරයේ හෙලා දකිනවා – ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පිරිසෙන් පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

2020 වනවිට දුම්කොළ වගව තහනම් කර විකල්ප බෝග වගා වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment