ප්‍රමුඛ පුවත 1

2020 වනවිට දුම්කොළ වගව තහනම් කර විකල්ප බෝග වගා වැඩපිළිවෙලක්

(උදයම්,කොළඹ)   –  වසර 2020 වනවිට දුම්කොළ වගව තහනම් කිරීමට කටයුතු කරන බවත් දුම්කොළ වගාකරන ගොවීන්ට විකල්ප බෝග වගා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහත යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

දුම්කොළ වගාකරන ගොවීන් 38,000ක් පම්ණ සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. පාසල් අවට මීටර 500ක දුරින් කිසිදු දුම්කොළ අළෙවි කිරීමක් සිදු කළ නොහැකි බවද පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේ දී තනි සිගරට්ටුවක් මිලදී ගත නොහැකි බව පැවසීය.ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසසුම් ලැබී ඇති බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව රෝල් මොඩලය ලෙස පිළිගෙන ඇතැයි ද පැවසී ය.

ලෝකයේ සියයට 70%ක් පමණ බෝ නොවන රෝගවලින් මිය යන බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර පුද්ගලයින් 25000ක් පමණ දුම්බීම හේතුවෙන් මිය යන බවත් වක්‍ර දුම්පානය හේතුවෙන් ඉන් සියයට 5%ක් පමණ දරුවන් මිය යන බව කීය.

මත්වතුර පානය කිරීම පුද්ගලයන්ගේ සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන හේතුවක්.මත් වතුර පානය අඩු කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන තිබේ.මත් වතුර පනය කිරීම හේතුවෙන් වැළඳෙන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට රජය වසරකට වැය කරන මුදල දළ වශයෙන් මිලියන 142ක් බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ගුවන් යානා ප්‍රමාදය තවදුරටත්

Mohamed Dilsad

කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද ගමන් අරඹයි.

Mohamed Dilsad

Leave a Comment