ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සුත්‍රය දිගටම ක්‍රියාත්මක වන බව රජය කියයි

(UTV| කොළඹ) – ඉන්ධන සදහා මිළ සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීම අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කරන බව රජය පවසයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ මනා ආර්ථික කලමණාකරණයක් ඇති රටවල මෙලෙස මිල සුත්‍රයකට අනුව තෙල් මිල සැකසෙන බවයි.

මෙසේ මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එය ජනාධිපතිවරයාද දන්නා බවත් සතියකට වරක් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන මිළ සූත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමෙන් ජනතාවට සාධාරණත්වයක් ඉටුවන බවද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැදවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවක්- ජනපති

Mohamed Dilsad

හිටපු ඇමති TB, FCID යට

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ සහය කාටද? තීරණය අද

Mohamed Dilsad

Leave a Comment