ප්‍රමුඛ පුවත 1

දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැදවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවක්- ජනපති

(උදයම්,කොළඹ)  – සුළු වරදවල් සදහා වැරදිකරුවන් වී නියම වූ දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැදවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම පිළිබද අදාළ පාර්ශවයන් සමග සාකච්ඡුා පවත්වන බව ජනාධිපතිවරයා පවසයි.

2015 වසරේදී බන්ධනාගාරගතවූ රැුදවියන්ගෙන් 43.7% ක් ම බන්ධනාගාරගත වී ඇත්තේ නියම වූ දඩ මුදල ගෙවා ගත නොහැකි වීම නිසා බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මහත් ඛේදවාචකයක් බවත් පවතින නීති රීති සහ ප‍්‍රතිපත්ති මෙන්ම විවිධ සමාජ සංවිධාන හරහා ඒ සදහා කඩිනම් විසදුමක් අත්‍යාවශ්‍ය බවත් සදහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා සිරකරු සුබසාධන සංගමයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ සිරකරුවන් නොමැති සමාජයක් ගොඩනැගීමට සියලූදෙනා කැපවිය යුතු බවයි.

බන්ධනාගාරගතවූවන් පිළිබදව මානුෂිකව බලමින් ඔවුන් එම තත්ත්වයට පත්වීමට හේතුවූ සමාජ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම සියලූදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

බන්ධනාගාරගතවූවන් සහ බන්ධනාගාරවල පහසුකම් සම්බන්ධයෙන් දැනට පවතින ක‍්‍රමවේදයන් ඉක්මවා වඩාත් මානූෂිය වූ වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුව ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ පිළිබද ඉදිරියේදී රජයේ අවධානය යොමු කරමින් කටයුතු කරන බවද කියා සිටියේය.
බන්ධනාගාරගතවූවන්ගෙන් 46.4% ක් ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී ඇති බවට වාර්තා පෙන්වා දෙන අතර එය 2011 වසරට සාපේක්ෂව පැහැදිලි වැඩිවීමක් බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා එයින් පෙනී යන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වීම වඩා කාර්යක්ෂම වී ඇති ආකාරය බව ද සදහන් කළේය.

කෙසේ වෙතත් මතින් තොර සමාජයක් ගොඩනැගීම සදහා මීට වඩා කි‍්‍රයාශීලි වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රැුදවියන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර සිරකරු සුබසාධන සංගමය විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන්, සිරකරු සුබසාධන සංගමයේ සභාපති පී.ඒ. කිරිවන්දෙනිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.ජී. ධනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

රාජපක්ෂ රජය සමයේ සිදුවූ වංචා පිළිබඳ සජින්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

Leave a Comment