ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන්තොටුපලේ සේවයට සුනඛයින්

(උදයම්,කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක කටයුතු සඳහා සුනඛයින් 20 දෙනෙකු මිල දී ගැනීමට සුදානම් වෙයි.

සුනඛ පැටවුන් 20 දෙනෙකු මිල දී ගෙන, පුහුණු කර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා ආරක්ෂක කටයුතුවල යෙදවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්  ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ගුවන් මගීන්, කාර්ය මණ්ඩල, මෙහෙයුම් කාර්ය මණ්ඩල හා පොදු මහජනතාව ඇතුළු සිවිල් ගුවන් සේවාවේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම සෑම රාජ්‍යයකම කාර්යභාරයක් වන බවත්, එවැනි ආරක්ෂක ක්‍රමවේදයක් වශයෙන්, පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ, මත්ද්‍රව්‍ය, මුදල් හා නීතිවිරෝධී ද්‍රව්‍ය හඳුනාගත හැකි පුරුදු පුහුණු කළ සුනඛයින් හා මෙහෙයවන්නන් යෙදවීම ඉතා ප්‍රයෝජනවත් බවත් අමාත්‍යවරයා විසින් පෙන්වාදී තිබේ.

Related posts

ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති රැසක් – සජිත්

Mohamed Dilsad

බදු වැඩි කල රජය ජනතා නියෝජිතයින්ගේ වැටුප දෙගුණ කිරීමට සුදානම්

Mohamed Dilsad

බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතී

Mohamed Dilsad

Leave a Comment