ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ගැන හොයන්න පාකිස්ථානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහාය

(උදයම්,කොළඹ)  –  කටුනායක ගුවන්තොටුපලේදී රුපියල් ලක්ෂ 300 කට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා පාකිස්ථානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහාය ලබා ගැනේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම පරීක්ෂණය මෙහෙය වනු ලබයි.

කිලෝග්‍රෑම් 2 කට අධික මෙම කොකේන් තොගය රැගෙන ආ ලිතුවේනියානු ජාතිකයෙකු ඊයේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් අතර පසුව මෙම ජාවාරමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් මේ වනවිට රැදවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

Related posts

ගංවතුර ආපදා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අද සිට හෙට දක්වා හංවැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment