ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ගැන හොයන්න පාකිස්ථානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහාය

(උදයම්,කොළඹ)  –  කටුනායක ගුවන්තොටුපලේදී රුපියල් ලක්ෂ 300 කට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා පාකිස්ථානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහාය ලබා ගැනේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම පරීක්ෂණය මෙහෙය වනු ලබයි.

කිලෝග්‍රෑම් 2 කට අධික මෙම කොකේන් තොගය රැගෙන ආ ලිතුවේනියානු ජාතිකයෙකු ඊයේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් අතර පසුව මෙම ජාවාරමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් මේ වනවිට රැදවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

Related posts

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

Mohamed Dilsad

විල්පත්තු ගැන ඇති වැරදි ආකල්ප නැති කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවසති

Mohamed Dilsad

Leave a Comment