ප්‍රමුඛ පුවත 1

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතා දැයෙන් සමු ගනී

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(02) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

ප්‍රවීණ රංගනශිල්පියෙකු මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දැක්වූ රෝයි ද සිල්වා මහතා පසුගිය 30 වනදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

හදිසි හෘදායාබාධයක් හේතුවෙන් ඒ මහතා කොළඹ රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජෙවිතක්ෂයට පත්විය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පෙරවරුවේ රෝයිද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබීය.ඊට අමතරව මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් ඊයේ(01) රාත්‍රියේ එහි පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

අභාවප්‍රාප්ත රෝයිද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සදහා වන ආගමික වතාවත් මීට ටික වේලාවකට පෙර දේහය තැන්පත් කර තිබූ පෞද්ගලික මල්ශාලාවේදී සිදුකෙරුණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 01.00ට පමණ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනයට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

අද (11) සිට (13) දක්වා පළාත් කිහිපයකට වැසි..

Mohamed Dilsad

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16ක් හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment