ප්‍රමුඛ පුවත 1

මාතර කොල්ලයේ තවත් තොරතුරු හෙළි වෙයි

(UTV| කොළඹ) – මාතර ස්වර්ණාභරණ අළෙවිසල කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය, හොරණ මොරගහහේන ප්‍රදේශයේ තිබියදී පොලිස් භාරයට ගනී.

වාහනයේ හිමිකාරියගේ ස්වාමි පුරුෂයා සමග වාහනය පොලීසිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

කොස්ගොඩ ඩිල්ෂාන් නමැත්තා කොල්ලය සඳහා මෙම මෝටර් රථය පදවා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මීට අමතරව කොල්ලයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොල්ලකරුවන් තිදෙනෙකු රෝහල්ගත කිරීම සඳහා ද මෙම මෝටර් රථය භාවිත කර ඇති බවට හෙළි වී ඇත.

කොල්ලයට පැමිණි සැකකරුවන් මාස කිහිපයක් මොරගහහේන තලගල ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය පවසයි.

පසුගිය ජුනි 22 වන දා සිදු වූ මෙම කොල්ලයට පැමිණි සංවිධානාත්මක අපරාධකරුවන් හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තවත්, නිලධාරීන් දෙදෙනෙක් හා සිවිල් වැසියෙක් තුවාල ලැබූහ.

පසුව කොල්ලයට පැමිණි කොස්ගොඩ තාරක ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. කොස්ගොඩ තාරක සැලකෙන්නේ, මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිතීන් වැටලීම් අද සිට

Mohamed Dilsad

රිවොල්වරයක් සමග සැකකරුවකු අල්ලයි.

Mohamed Dilsad

හමුදාවට කලින් තමන් දැනුවත් කරන්න උතුරු මහඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment