ප්‍රමුඛ පුවත 1

හමුදාවට කලින් තමන් දැනුවත් කරන්න උතුරු මහඇමති කියයි

(UTV|කිලිනොච්චිය) – හමුදා නිලධාරීන්ට තොරතුරු ලබා දීමේදී ඊට පෙර තමා දැනුවත් කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා උතුරේ නිලධාරීන්ට දැනුම් දෙයි.

කිලිනොච්චියේ අද පැවති උත්සවයක් අමතමින් ප්‍රධාන ඇමතිවරයා මේ පිළිබඳව අදහස් පල කළේය.

“හමුදාව අපේ රෝහල්වලින් හරි නිලධාරීන්ගෙන් හරි තොරතුරු ඉල්ලුවොත් කරුණාකරලා මට මුලින්ම කියන්න. ඔයාලා මැදිහත් වෙන්න එපා. එහෙම ඉල්ලුවොත් ඔයාලා කියන්න මහ ඇමති කියලා තියෙන්නේ එයාව දැනුවත් නොකර කිසිම තොරතුරක් දෙන්න එපා කියලා. හමුදාව ඇයි එහෙම තොරතුරු ඉල්ලන්නේ කියලා බලලා පස්සේ තොරතුරු දෙන්න කටයුතු කරනවා. ඒ හින්දා හමුදාව ඉල්ලුවා කියලා බයවෙලා තොරතුරු දෙන්න එපා”  යනුවෙන් සඳහන් කර තිබේ.

“ඒ වගේම මම කියන්න කැමතියි මධ්‍යම රජයෙන් එක පාලනයක් වෙනවා පළාත් සභාවෙන් තවත් පාලනයක් වෙනවා මේ දෙකටම අමතරව තුන්වන පාලනය විදිහට දැන් ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා. මේ සියල්ලෙන්ම අපහසුතාවයට පත් වෙන්නේ අපේ ජනතාවයි. ඒක නිසා තමයි අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. මීට අමතරව පළාත් 9ටම ස්වයං පාලනයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්නත් ඕන” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කර එහි ආදර්ශ කි‍්‍රයාවට නැංවීමට ජනපති ලෝක නායකයින්ට ආරාධනය කරයි

Mohamed Dilsad

ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂයක් ඇත්නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දන්වන්න

Mohamed Dilsad

සිය අභියෝගයට පිළිතුරු දිය යුත්තේ ගෝඨාභයයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment