ප්‍රමුඛ පුවත 1

අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ නිසි බලධරයා ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි පත් කෙරේ.

ඒ උපකුලපතිවරයා වෙනුවටය. අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතුවල පවතින ගැටලූ සහ විශ්ව විද්‍යාලයේ බලධාරින් එහි කටයුතු යථා තත්ත්වයට ගෙන ඒමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පත් කිරිම සිදු කර තිබේ.

විශ්වවිද්‍යාල පනත යටතේ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත පැවරි ඇති බලතලවලට අනුව මෙය සිදු කර ඇත.

ඊයේ (20) සිට මෙම පත් කිරිම බලපැවත්වෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර අහිමි වූ අය මෙන්න

Mohamed Dilsad

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කළ 2ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment