ප්‍රමුඛ පුවත 1

මහවැලි ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සඳහා නව ව්‍යාපෘතියක්

(UTV| කොළඹ) – ග‍්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව කි‍්‍රයාවට නංවා තිබෙන සශ්‍ය ශක්ති ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක‍්‍රමය වන මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ ගොවි පවුල් තුන්දහසක් තෝරා ගනිමින්, අක්කර තුන්දහසක සූර්යබල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සශ්‍ය ශක්ති ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සිදු කෙරේ.

ලොකු ලූනු සහ මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හා දැනුම ලබාදෙමින් ගොවින්ගේ හා රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදු වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ විචල්‍ය වූ දේශගුණික රටාව නිසා ඇතිවන නියඟයට මුහුණදීමත්, විදුලිබලය හා ඉන්ධන භාවිතය අවම කර ගැනීමත් මෙහි ප‍්‍රමුඛ අරමුණු වෙයි.

ග‍්‍රාමශක්ති ව්‍යවසායකත්ව ප‍්‍රවර්ධන වැඩසටහන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ මහජන බැංකුව එක්ව ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවයි.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජාතික ආර්ථික සභාවේ මහලේකම් ලලිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම ව්‍යාපෘතිය සදහා අනුග‍්‍රහය දක්වන පෞද්ගලික සමාගම් කිහිපයක ප‍්‍රධානීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුජිත ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයකට

Mohamed Dilsad

සතොස 993 වන ශාඛාව විවෘතයි

Mohamed Dilsad

Leave a Comment