ප්‍රමුඛ පුවත 1

ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) –  මෙවර ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් ඇතුළත් නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ අනුව , සක්‍රීයව සේවයේ යෙදී සිටින කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු සහ පොලිස් නිලධාරියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවකට සම්බන්ධවීමට අයිතියක් නොමැති බව එම අමාත්‍යංශය අවධාරණය කරයි.

සක්‍රීය සේවයේ යෙදී සිටින සහ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන් පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන කටයුතුවල යෙදීමෙන් වැළකිය සිටිය යුතු බවත් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ප්‍රවර්ධනයට ප්‍රකාශ සහ ඡායාරූප භාවිතයට ඉඩදීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් , නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් අපක්ෂපාතිව ක්‍රියා කළ යුතු බවත් ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරයි.

 

 

 

Related posts

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

Mohamed Dilsad

ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගෙන් උණුසුම් විරෝධයක්

Mohamed Dilsad

පානදුරේ වෙළඳ සැල් පෙළක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment