ප්‍රමුඛ පුවත 1

විදේශීය මුදල් තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද(13) පෙරවරුවේ ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි මෙම සැකකරුවන් තිදෙනාගේ ගමන් මළු ගුවන්තොටුපල රේගුව විසින් පරීක්ෂා කිරීමේදී මෙම විදේශීය මුදල් තොගය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකිකයින්වේ.

මෙම විදේශීය මුදල් තොගයට යුරෝ, ඇමරිකානු ඩොලර් සහ සෞදි රියාල් මුදල් නෝට්ටු ඇතුළත් බව රේගුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 19 දෙනෙකු රෝහලේ(update)

Mohamed Dilsad

ආහාර සුරක්‍ෂිතතා සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment