ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටී තිබු ප්‍රදේශ රැසකට යළිත් විදුලිය

(UTV| කොළඹ) – පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය හා තද සුළං නිසා ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටුන අතර දැන් එයින් 90%ක් පමණ යථා තත්ත්වයට පත් කොට ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය කියයි.

හැටන්,දික්ඔය, මස්කෙලිය,නුවරඑලිය,නාවුල,පල්ලේපොළ,සහ ගලහ ආදි ප්‍රදේශ ගණනාවක විදුලිය සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතත් තවත් නිවාස 10,000 – 15000 ක් අතර ප්‍රමාණයකට තවමත් විදුලිය ලැබී නැතැයි ද ඒවා ද දැන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරගෙන යන බවද එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා රජයේ නිල පුවත් වෙඩ් අඩවියට පැවසිය.

නව ලක්ෂපාන බලාගාරයේ සිට බලංගොඩට විදුලිය ගෙන යනඅධිවේගි විදුලි රැහැන් පද්ධතියේ බිඳවැටීමක්ද සිදු වු නමුත් එය දැන් අලුත්වැඩියා කොට විදුලිය සැපයුම යථා පරිදි සිදු කරගෙන යන බවද ඒ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලක්ෂ 600 ක ආරක්ෂණ පද්ධතියක්

Mohamed Dilsad

සෑම විහාරස්ථානයකටම දහම් පාසල් පහසුකම් – ඇමති සජිත්

Mohamed Dilsad

ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

Mohamed Dilsad

Leave a Comment