ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටී තිබු ප්‍රදේශ රැසකට යළිත් විදුලිය

(UTV| කොළඹ) – පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය හා තද සුළං නිසා ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටුන අතර දැන් එයින් 90%ක් පමණ යථා තත්ත්වයට පත් කොට ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය කියයි.

හැටන්,දික්ඔය, මස්කෙලිය,නුවරඑලිය,නාවුල,පල්ලේපොළ,සහ ගලහ ආදි ප්‍රදේශ ගණනාවක විදුලිය සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතත් තවත් නිවාස 10,000 – 15000 ක් අතර ප්‍රමාණයකට තවමත් විදුලිය ලැබී නැතැයි ද ඒවා ද දැන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරගෙන යන බවද එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා රජයේ නිල පුවත් වෙඩ් අඩවියට පැවසිය.

නව ලක්ෂපාන බලාගාරයේ සිට බලංගොඩට විදුලිය ගෙන යනඅධිවේගි විදුලි රැහැන් පද්ධතියේ බිඳවැටීමක්ද සිදු වු නමුත් එය දැන් අලුත්වැඩියා කොට විදුලිය සැපයුම යථා පරිදි සිදු කරගෙන යන බවද ඒ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඌව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කල් දමයි

Mohamed Dilsad

පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Mohamed Dilsad

සුභග ශිෂ්‍යත්ව ප්‍රදානය අද අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment