ප්‍රමුඛ පුවත 1

යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට

(UTV|කොළඹ) – රාජ්‍ය දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පසුගියදා යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් ආරච්චිකට්ටුව, කෝට්ටපිටිය මංසන්ධියේදි අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලැබිය.

එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් තුළට ධාවනය වී ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවූ අවස්ථාවේ යශෝධ රංගේ බණ්ඩාර මහතා ගමන් කළ කැබ් රථයේ තිබී කඩුවක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

Mohamed Dilsad

ජනපති අද යාපනයට

Mohamed Dilsad

ගෑස් මිල පහළට – ආනයනික කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment