ප්‍රමුඛ පුවත 1

ජනපති අද යාපනයට

(උදයම් , කොළඹ)- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි.

ඒ මහතා පෙරවරු 11 ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතයි.

ජනපතිවරයාගේ මෙම සංචාරයේදී ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මුණ ගැසීමටද නියමිතව තිබේ.

පස්වරු 2.15 ට යාපනේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පිටත්ව යන ජනපතිවරයා එහිදී ” Tell to President ” වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතයි.

ඉන්පසු පස්වරු 4.15 ට යාපනේ කොටුව පිහිටි වියායම් මංතිරුව අසල රුක් රෝපණ වැඩසටහනකට සහභාගීවීමට නියමිත බව වාර්තාවේ.

Related posts

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මරණ දඬුවම නියම වූ පුද්ගලයින් හාරසියපනස්අට දෙනෙකු බන්ධනාගාරවල

Mohamed Dilsad

රාජපක්ෂ ආණ්ඩු කාලයේ ගැටළු ගැන අජිත් මාන්නප්පෙරුම කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment