ප්‍රමුඛ පුවත 1

නව ග්‍රාම නිලධාරීන් 1678ක් සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ

(UTV| කොළඹ) – ග්‍රාම නිලධාරීන් බඳවාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද තරග විභාගයකින් සුදුසුකම් සම්පූර්ණ කර පිරිස සම්මුඛ පරීක්ෂණයකට කැඳවා එහි දී ලබාදුන් ලකුණු යළි විභාග දෙපාර්තමේන්තුවට යැවීමෙන් අනතුරුව ලිඛිත විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණය දෙකෙන් ම ඉහළම ලකුණු ලබාගත් 1678 දෙනකු සඳහා ග්‍රාම නිලධාරී පත්වීම් ලබාදීම අද (01) අරලියගහ මන්දිර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරුණි.

ඒ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමාගේ මෙහෙයවීමෙන් පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදුයිදීන් මැතිතුමා, අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ඒස්.ටී.කොඩිකාර මහතා, හිටපු ලේකම් නීල් ද අල්විස් මහතා, කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතා ඇතුළු රජයේ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/GRAMANILADHARI-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/GRAMANILADHARI-02-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතුවලට දැඩි බාධා

Mohamed Dilsad

දකුණු ආසියා රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

16 වැනිදාට තරුණ තරුණියන් නිවැරදි තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment