ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතුවලට දැඩි බාධා

 

(UTV-කොළඹ) – දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 1920ක ආදායමක් අහිමි වී ඇති අතර මෙය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

දුම්රිය මගින් සිදු වන භාණ්ඩ ප්‍රවාහනය හා ඉන්ධන ප්‍රවාහනයට ද දින 12ක් පුරාවට පැවැති වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ සෙයින් බාධා මතු වූ බව ඔහු කියා සිටියේ ය.

වැඩ වර්ජනය අවසන් කළ දිනයේ සේවකයින් සේවයට වාර්තා කළ ද දුම්රිය කිහිපයක් ධාවනය වී නොමැති අතර ඇතැම් දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවට ද මගීහු චෝදනා කර ඇත.

මේ අතර ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මුදල් ගෙවා වෙන් කරන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු යළි ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ ප්‍රවේශ පත්‍ර දුම්රිය ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් එම මුදල් යළි ලබා ගත හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සම්පායෝ අධිකරණයට රැගෙන යයි

Mohamed Dilsad

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම්

Mohamed Dilsad

කෝටි 7 කට අධික රත්‍රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment