ප්‍රමුඛ පුවත 1

පාසැල් සිසුවෙකු අතුරුදන්

(UTV| කොළඹ) – 17 හැවිරිදි උසස්පෙල සිසුවෙකු පසුගිය 29 වනදා සිට අතුරුදහන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

එම දරුවා කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගොස් තිබේ.

පසුගිය 29 වනදා සවස එම පාසල් සිසුවා යාපනය කච්චේරිය අසල පිහිටි නො.44/12 ඒ-9 පාර සින්නයියා මරකන්දන් නැමති ලිපිනයට පාපැදියකින් දර රැගෙන ගොස් ඇත.

එම නිවසට දර ලබා දීමෙන් පසුව එදින රෑබෝවූ නිසා නිවෙස් හිමියන් විසින් පාසල් සිසුවාට එම නිවසේ නවාතැන් දී ඇති අතර පසු දින (30) අළුයම 5.30ට පමණ පාසල් සිසුවා විසින් එම නිවසෙන් පිටත් වූ බවට නිවෙස්  හිමියන් විසින් යාපනය පොලීසියට පවසා තිබේ.

කෙසේ වෙතත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිවීම නිසා පුනරීන් පොලීසිය හා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සම්බන්ධව ඇති මාධ්‍ය ප්‍රචාර අසත්‍යක්.

Mohamed Dilsad

මරගල කන්ද රක්ෂිතයේ ගින්න නිවීමට යුද හමුදාවේ සහය

Mohamed Dilsad

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

Mohamed Dilsad

Leave a Comment