ප්‍රමුඛ පුවත 1

හම්බන්තොටට මාතරට විදුලිය නෑ

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුමට බාධා එල්ල වී ඇති බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ සුළං තත්ත්වයත් සමඟ විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් හේතුවෙන් මෙලෙස විදුලි සැපයුම ඇණ හිට ඇති බවයි.

ඒ අනුව තංගල්ල, බෙලිඅත්ත, මිද්දෙණිය, වලස්මුල්ල, සූරියවැව හා හක්මණ යන ප්‍රදේශවලට මෙම විදුලි බිඳවැටීම් සිදුව ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.

මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නීති විරෝධී දුම්වැටි තොගයක් පිළිස්සීමට පියවර

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව දැඩි කරයි

Mohamed Dilsad

නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment