ප්‍රමුඛ පුවත 1

ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වැසේ

(UTV|ගම්පහ) – පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගැලීමත් සමඟ ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද (28) දිනයේ වසා තැබීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

ඇතැම් ප්‍රදේශවල සහ අතුරු මාර්ග ආශ්‍රිතව ගං වතුර තත්ත්වය මෙතෙක් පහව ගොස් නැති බවට අධ්‍යාපන බලධාරීන්ගෙන් සහ මාපියන්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව හෙට දිනය වෙනුවට වෙනත් සුදුසු දිනකදී අදාළ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට ක්‍රියාකරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ලබන බදාදා (29) නැවතත් අදාළ පාසල් සුපුරුදු ලෙස පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නළ ජලය ලබා දෙන ආවරණ කලාපය වැඩි කිරීමේ සැළසුමක්

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය අයෙකුට ලක්ෂයක වන්දි මුදලක්

Mohamed Dilsad

පැය 11ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment