ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය අයෙකුට ලක්ෂයක වන්දි මුදලක්

(උදයම්,කොළඹ)  –  කළුතර, කටුකුරුන්ද මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අනතුරේදී තුවාල ලබා රෝහල් ගතවූ අයෙකු සඳහා රුපියල් විසි දහසක වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇත.
පසුගිය ඉරිදා සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තවදුරටත් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.එසේම කුඩා ළමයින් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති.

Related posts

චෝදනා ලැබූ සම්පායෝ ඇප මත නිදහස්

Mohamed Dilsad

TNA තවදුරටත් සාකච්ඡා – තොන්ඩමන්ගේ අවසන් තීරණය අද

Mohamed Dilsad

2019දි බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක අපේක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment