ප්‍රමුඛ පුවත 1

විදුලි රැහැනක ගැටී අවසන් ගමන් ගිය පියා සහ පුතා

(UTV|වවුනියාව) –  වවුනියාව, පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ඉවුරේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

පොලිසිය පැවසූවේ අද (16) උදෑසන වවුනියාව, සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ ඔහුගේ අවුරුදු 15ක් පුත්‍රයාගේ සිරුරු මෙලෙස සොයාගත් බවයි.

සතුන් මැරීමට වැව් සීමාවේ ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණයන් සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, පෙරියඋළුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි අප වාර්තාකරු පැවසුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

සරසවි සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මේරි පෝලන්ඩ් අතර සාකච්ඡාවක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment