ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනය

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් සංගම් පවසයි.

ඒ, පෞද්ගලික හා ශ්‍රී ලංගම බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 6.56කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීම හේතුවෙනි.

වර්තමාන ගාස්තුව සියයට 6.56 කින් ඉහල දැමිය යුතු බවට නිර්දේශ කළේ බස් ගාස්තු සංශෝධනය සඳහා වන කමිටුව රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ජා කිරිමෙන් පසු ගාස්තු සංශෝධනයට අදාළ නිර්නායක 12ක් සැලකිල්ලට ගනිමිනි.

රුපියල් 10 අවම බස් ගාස්තුව වෙනස් නොකිරීමටද තීරණය කෙරුණි.

මීට අදාළ තීන්දු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

කැබිනට් අනුමැතිය හිමිවූ ගාස්තු සංශෝධනය සාධාරණ නොවන බවට පෞද්ගලික බස් සංගම් චෝදනා කරණ අතර ඔවුන් සියයට 15ත්, 20ත් අතර ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටියි.

ඒ අනුව ඔවුන් අද මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත අඛන්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගම් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩු තීන්දුව දීම මැයි මසට කල් යයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් පත්කළ විද්වත් මණ්ඩලයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ඇල්පිටිය තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment