ප්‍රමුඛ පුවත 1

එළුවන් 61දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වවුනියාවේ දී අත්අඩංගුවට

(UTV|කිලිනොච්චිය) – කිලිනොච්චි සිට පුත්තලම දක්වා සතුන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු වවුනියාවේ දී අද(15) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මෙම සැකකරු සමඟ එළුවන් 61ක් පැටවූ ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සතුන්ට හිංසා වන අයුරින් ලොරි රථයකට ප්‍රමාණය ඉක්මවා පටවා තිබීමත් නිසා සතුන්ට හානී වී තිබූ බවයි.

මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදු කර ඇති බවටත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදී පුද්ගලයෙකු බවටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

වවුනියාව මූලස්ථාන පොලිස් පරික්ෂක මහින්ද විල්ලෝර ආරච්චි මහතාගේ උපදෙස් මත වවුනියාව පොලිස් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඊ.එම්.පී. සුභසිංහ, පොලිස් සැරයන්වරුන් වන (43216)අනුර, (45025)ගුණතිලක, පොලිස් කොස්තාපල් වරුන් වන (14957)බංඩාර, (64618)රූපසිංහ, (91800)විදුෂන්, (66701)කුමාර, , (69713)කුමාර ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්න

Mohamed Dilsad

දස දෙනෙකුට දිවි අහිමි කල මහියංගනයේ වෑන් රථ අනතුර

Mohamed Dilsad

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව අද

Mohamed Dilsad

Leave a Comment