ප්‍රමුඛ පුවත 1

ලක්‍ෂ7කට අධික දුම්වැටි ගෙනා පුද්ගලයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (15) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සිය ගමන් මල්ල තුල දුම්වැටි කාටූන් 77 ක් සගවා රැගෙන විත් තිබු බවයි රේගු නිලධාරීන් පවසයි.එහි තිබී දුම්වැටි දුම්වැටි 15,400 ක් සොයා ගැනුණි.

මෙලෙස රැගෙන ආ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 7,70,000 ක් පමණ වන බව රේගුව පවසයි.

මෙම දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුට රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

Mohamed Dilsad

තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ වැඩසටහනක් මාර්තු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment