ප්‍රමුඛ පුවත 1

ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි බෙදා හරින්න – අගමති උපදෙස්

(UTV| කොළඹ) – රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි තොග බෙදා හැරීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සහ ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී තිබේ.

රාමසාන් සමයේ ඉස්ලාම් භක්තිකයන්ගේ පරිභෝජනය සඳහා මුස්ලිම් සිද්ධස්ථාන හරහා රටඉදි බෙදා හරිනු ලබන අතර, ඉකුත් වසරේ සවුදි අරාබිය නොමිලයේ ලබාදුන් රටඉදි ටොන් 150 ක් බෙදා හැරීමට කටයුතු කර ඇත. ඊට සමගාමීව සතොස මගින් ද තවත් රටඉදි ටොන් 150 ක් බෙදා හැරීමට කටයුතු කර තිබිණ.

මෙවර මැදපෙරදිග රටඉදි අස්වැන්න අඩුවීම හේතුවෙන් නොමිලයේ ලැබෙන රටඉදි තොග අඩු වීමක් සිදු වී ඇත. මේ හේතුවෙන් සතොස හරහා මෙම වර්ෂයේ ද ප්‍රමාණවත් පරිදි රටඉදි තොග මැදපෙරදිගින් ගෙන්වන ලෙස සතොස සභාපතිවරයාට හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, රට ඉදි තොග බෙදා හැරීම සඳහා මැදිහත් වන්නැයි කාර්ගිල්ස් ආයතනය ඇතුළු පෞද්ගලික අංශයට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මස් පිණිස ගවයින් රැගෙන යමින් සිටි සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 20 ක් රෝහලේ [PHOTOS]

Mohamed Dilsad

අත්අඩංගුවටපත් ඉන්දීය ධීවරයින් 20 නිදහස් කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment